Thursday, 29 June 2017

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම,
-------------------------------------------------



නුඹ...,
දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වීදුරුවක් වගේ..
කොච්චර කල් ගෙවුණත් ඇඟ හිරි වැටෙන..
පරණ වෙන්න පරණ වෙන්න මතකය රස ගන්වන...
කාස්බර්ග් වලට ස්ට්‍රෝන්ග් වලටත් බැරි වුණා නුඹව ගෙන එන්නට....
මතකය දිගේ දුර යන්නට.....
අමු වොඩ්කා වීදුරුවකට පුලුවන් වුණා..
මතක් කර දෙන්න...
නුඹ පළමුවරට නළලත සිපගත් නුහුරු මිහිරිම හැඟුමේ රසය...
ඉතින් නුඹ ළඟ නැතත්...
මාව නුඹ ළඟට ගෙන ගියේ..
ඉඳහිටක හෝ ඒ රතු වයින් වීදුරුව...
මත් වීම තමයි ආදරය..
ප්‍රේමය මුහුවුණේ එතකොට...
ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම....

-මොණරි-

4 comments:

  1. මේවා දකින කොට බීලා මත් වෙන්ට හිතෙනවා...

    ReplyDelete
  2. දොඩම් යුෂ එක්ක රතු වයින්...
    මට නම් ඒක අවුල්... ඔයා බීලා තියෙනවා ද?

    ReplyDelete
  3. දොඩම් යුෂ එක්ක රතු වයින්...
    මට නම් ඒක අවුල්... ඔයා බීලා තියෙනවා ද?

    ReplyDelete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...