Monday, 10 April 2017

අපි දෙන්නයි කතා ගොඩයි - 07



මිනිස්සු අදරය හොයාගෙන යන්න හදන්නේ ඇයි කියන්න මම තවමත් දන්නේ නෑ...මම නම් හිතන්නේ ආදරේ කියන්නේ එහෙම හෙව්වට හම්බවෙන එකක් නෙවෙයි ...ආදරේ කියන්නේ හුළඟ වගේ දෙයක් ඒක හරියට අපිට පේන්නේ නෑ..ඒත් දැනෙනවා..අල්ලන්න බෑ..ඒත් දැනෙනවා...ඕක හෙව්වට වැඩකුත් නෑ..ඕක දෙන්න ඕන එකක්..හැබැයි අපිට මොකද වෙලා තියෙන්නේ ආදරේ වැඩියෙන් දැනෙන්න දැනෙන්න අපි ඒ ආදරේට පෙරේත වෙන්න ගන්නවා..අපි ආදරේට ලෝභ වෙන්න ගන්නවා...ඔව් ඒකේ වැරැද්දක් නෑ..ඒත් අපිට අමතක වෙනවා ආදරේ කියන්න ඕනා, බලාපොරොත්තු වුණාට වඩා ලබා අපි දිය යුතු තැනක් කියන එක​..මට ඔයා ආදරෙයි නේද අහනවට වඩා,මම ඔයාට පැලෙන්න ආදරෙයි කියන එකේම ආදරේ මහා හුඟාක් තියෙනවා..

'මම දන්නවා ආදරේ ඇතුළේ මම ඔයා මගේ හැමදේම කියන එක තියෙනවා.
ඔව් අහනවා ආදරේද?,කොච්චරක් ද​..? ආදරේ අඩුවෙලාද​....? ආදරේ වෙනසක් නෑ නේද කියලා....'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්'

'ඒත් දන්නවද මම ඔයාට පැලෙන්න ආදරෙයි...ඔයාට ඒක දැනෙනවද කියලවත් මම අහන්නේ නෑ..මොකද මගේ ආදරේ මට විශ්වාස නිසා...'

'මං දන්නවා දරුවෝ..........'

'ඔව් ඒත් ඔයා මේකත් දැනගන්නම ඕනා...ඔයාට මාව දැනන තරමට මට ඔයාව දැනෙන්නේ නැති තැන් තිබ්බත් මම වෙනසක් නැති ව පැලන්න ඔයාට ආදරෙයි කියන එක​....'

'හ්ම්ම්ම්ම්..මට තේරේනවා දරුවෝ......'

'මං දන්නවා ඔයා මහාප්‍රාණ කියනවට අකමැතියි කියලා..ඒත් ඒ මගේ හැටි..මම ඔයිතරම්වත් ගිරවි වගේ ආතක් පාතක් නැතිව කියවන්නේ ඔයාට පැලෙන්න ආදරේ නිසාම තමයි....'

'අහන්න​...මම හරිම ආදරෙයි...එච්චරයී...'

'හැමදාම මම දිග කතාවක් කිව්වම ඔයා ඒක එහෙමයි,එච්චරයි කියලා නතර කරනවා....'

'එහෙම නෑ පැටියෝ.....'

'නෑ නෙවෙයි මම දන්නවා..'

ගෑණූ කියන්නේ ඇත්තටම පුදුමාකාර ජාතියක්....තමන්ට රිද්දන්න රිද්දන්න තමන් ඒ මිනිහට ආදරේ කරනවා,ඒ පිරිමියා වෙනුවෙන් කැප වෙලා ඉන්නවා...ඒත් පිරිමින්ට එහෙම නෑ.

'කොහොමද කියන්නේ එහෙම නෑ කියලා...?'

'කොහොමද කියන්නේ එහෙමයි කියලා...?'

'ඔව් ඒක හරි..ඒත් හැමෝම එහෙම නෑ නේද​..?'

'ඔව් මම පිළිගන්නවා.....'

'මම එදත් කිව්වා මතකද​...ඔයා එන්න කලින් මේ හිත යකඩයක් වගේ..හිත තැන් තැන් කැඩිලා තිබ්බත් මමම තනියෙන් ඒවා පාස්සගත්තා...'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...'

'ඒත් කෑලි කෑ ලි වලට හිත කැඩුනත් විසිරීලා තියෙන හිත ලස්සනට ආයේ එක තැනකට එකතු වෙන්නේ ඔයාගේ ආදරේ කාන්දමක් වගේ නිසා..ඒක මාරයී....'

'මේ අහන්න දරුවෝ..පැහැදිලි නැති තැන් තියෙයි,නොතේරෙන තැන් තියෙයි..ඒත් මම හරිම ආදරෙයි....'

'වෙලාවකට හිතෙනවා ආදරේට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නෑ කියලා..මම මේ ලෝකේ මට වඩා කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නෙ නෑ.ඒත් එක දෙයක් මම මටත් වඩා ඔයාට ආදරෙයි..ඔව් පැලෙන්න​...'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...'

'මම දන්නවා..හුඟාක් දේවල්...සමහර දේවල් දැනගෙන අහන්නේ නැත්තේ..ඒක මම අහලා දැනගන්නවට වඩා ඔයාම කියනකම් ඉන්නවා...මොකද හැමදේටම මොකක් හරි හේතුවක් තියෙනවා...ඉතින් මම ඒ දේවල් කිව්වා හෝ නොකිව්වා මම හරිම ආදරෙයි වෙනසක් නැතුව​....මගේ හිතේ ඔයාව මතක් වෙන වාරයක් ගානේ හිරිවැටෙන තැනක් තියේ..ඉතින් ඒ තමයි මට ඔයාව දැනන තැන​....'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....'

'මං දන්නවා මහාප්‍රාණ තමයි, ඒත් ඔය මහාප්‍රාණ ඇතුළෙත් තියෙන්නේ සරළවම ආදරේ තමයි හාවෝ.....'

'මම තුරුල් කරගන්නම්ද​...?'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......හා....'

'හා ද​...?'

'හා පැටියෝ...............'

ඉතින් තවත් බලාපොරොත්තු කන්දක් නගිනු මොකට කඳු පාමුලද ලස්සන මල් පිපෙන බව දැන දැනම​......
දුර අවරගිර අග
අහස ගුගුරා හැලුනද
කඳුළු උතුරා ගැලුවද
මෙතැන තවමත් මම
අසෙනි මහා වැසි මැද
කඳුරු දිය ගොඩ ගැලුවද
කැකුළු නටුවෙන් මිදුනද
මෙතැන තවමත් මම
අඳුරට එළිය අරගෙන 
නුඹ නෑවිත්ම උන්නද
ඇවිත් කඳුලැලි සින්දද
මෙතැන තවමත් ම
-මොණරි-

3 comments:

  1. //ගෑණූ කියන්නේ ඇත්තටම පුදුමාකාර ජාතියක්....තමන්ට රිද්දන්න රිද්දන්න තමන් ඒ මිනිහට ආදරේ කරනවා,ඒ පිරිමියා වෙනුවෙන් කැප වෙලා ඉන්නවා...ඒත් පිරිමින්ට එහෙම නෑ.//

    මේ ටිකට සම්පූර්ණ විරුද්ධයි

    ආදරේ කියන විශයෙදි ගෑනු පිරිමි කියලා බේදයක් නෑ මනුස්ස පරාන ඇතුලේ.

    ගෑනු හැදෙන්නේ ගෑනු ලෝකේ හැඟීම් පෙන්වන අඬන හිනාවෙන කියවන ලෝකේ

    පිරිමි හැදෙන්නේ පිරිමි ලෝකේ ආදරේ වගේම හැම හැඟීමක්ම ඇතුලේ හිරකරගෙන පිටට නොපෙන්වන ගනන් නොගන්න මූනක් පෙනවන ලෝකේ.

    තේරුනැයි?

    ReplyDelete
  2. ආදරේට ,ආදරේ කලාම ඔය කිසි ප්‍රශ්නයක් නෑ

    ReplyDelete