Monday, 10 April 2017

අපි දෙන්නයි කතා ගොඩයි - 06


වැස්සක් කියන්නෙම තනියෙන් ඉන්න මනුස්සයෙකුගේ හිත පෑරෙන දෙයක්...ඊටත් ආදරය කරන අය ළඟ නැතිව දුර ඉන්නැද්දි ඒක තවත් හීනී වේදනාවක්...ආදරය කරන අයට වැස්ස කියන්නෙම ආදර සීතලට ගිනි තපින්න හදපු ගිනිමැලයක් වගේ..

'ඒ කොහොමද වැස්ස ගිනි මැලයක් වගේ කියන්නේ....?'

'වැස්සට අපිට සීතලක් දැනනවා තමයි,සමහර වෙලාවට දරාගන්න බැරි තරම් සීතලක්...ඒත් ආදරය කරද්දි ඒ සීතල තව තවත් උග්‍ර වෙනවා...එතකොට ආදරයෙන් වෙලිලා ඉන්නැද්දි අර වැස්ස නිසාම ඒ අයට ඒක පුදුමාකාර උණුහුමක් වගේ...ඒකයි කියන්නේ වැස්ස කියන්නේ ආදරේ කරන අයට ගිනි තපින ගිනිමැලයක් වගේ කියලා...'

'හ්ම්ම්ම්ම්ම්...එතකොට හැමදාම වහිනවා නම් නේ....'

'ඒ ඇයි.....?'

'නෑ ගිනි තපින්න​.....'

'දන්නවද වැස්සට මම හරිම ආසයි...ඔයා ආසද වැස්සේ තෙමෙන්න​....'

'හ්ම්ම්ම්ම්ම්ම් ඔව් වැස්සේ තෙමෙන්න කවුද අකමැති....'

'දන්නවද මෙහෙට හොඳටම වහිනවා..මම මේ වැස්සෙන් බේරේන්න බස් හෝල්ට් එකකට වෙලා ඉන්න ගමන්....'

'ඇයි ඉතින් කුඩයක් ගෙනාවේ නැත්තේ...?'

'වහිවී කියලා හිතුවේ නෑ...'

'ඒත් වැස්සත් නැතත් කෙල්ලෙක් වුණාම කුඩයක් අතේ තියෙන්න ඕනා නේද​...?'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....'

'අහන්න​.... ආදරය දිය කරන්න දන්නවද​?'

'ඒ කොහොමද​...?'

'මම ළඟ තියෙන ආදරේ දිය කරලා ලස්සන චිත්‍රයක් ඇන්ඳම මොකක්ද දන්නවද ඒ චිත්‍රයේ අවසානය....?'

'හ්ම්ම්ම්ම්ම්ම් හිතාගන්න බෑ නේ...'

'ඔයා..'

'මම​..?'

'හ්ම්ම්ම්ම්ම්ම්ම් ඔව් ඔයා...මගේ ආදරේ දිය කරලා පැහැදිලිම පැහැදිලි කැන්වස් රෙද්දක් උඩ වත් කෙරුවම ඒකේ ඉන්නේ ඔයා..හරියට ඒ කැන්වස් රෙද්ද මගේ හිත වගේ.....'

'ඔයා නම්....ඇත්තටම මෙහෙම එපා වෙන්නේ නැද්ද​.....
හැමදාම මෙහෙම ප්‍රේම කතා කිය කිය ඉන්න​....'

'හැමදාමගේ ප්‍රේම කතා අහන්න ඔයාට එපා වෙන්නේ නැද්ද​...?'

'මම ආස අහගෙන ඉන්න​....'

'ඉතින් මම ආස කියවන්න​.....'

මිනිහෙක්ට ඕනම දෙයක් ගැන කාලයක් යද්දි ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වුණාම ඒ ගැන තියෙන උනන්දුව ආසාව හීන වෙලා යනවා..ආදරය වුණත් එහෙමයි..කසාද බැන්දම පස්සේ සමහර වෙලාවට වගකීම එක්ක හිර වෙනකොට අපි මේ මනුස්සයට ආදරෙයි නේද කියලා අමතක වෙලා යනවා..ඒත් ඔයා..මට දකින්න දකින්න ආදරේ හිතෙනවා..මතක් වෙන්න මතක් වෙන්න ආසාව එහෙම්මමයි...සරළවම ඔයාගෙම වචනෙන් කියන්න ද? 

'ඔයා මාරයි....'

'ඒක මගේ වචනයක්...'

'ඔයා කාගේද​?'

'මගේ...'

'එහෙනම් එච්චරයි...'

'අන්න අන්න ඒකත් මගේ වචනයක්.....'

'ඔයා කාගෙද​.....'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......'

'සරළයි..ඒකත්... ඔයාගේ....'

'අහන්න මේ බලන්න...,
'ම්ම්ම්...කියන්න....
වළාකුලක් වෙන්න පුළුවන්ද මගේ ලෝකයට?'

'මොකටද?'

'ජීවත්වෙන්න....උණුහුමට'

'ඒ කොහොමද?'

'ඔයා වළාකුලක් උනහම හැමදාම වැස්ස මගේ ලඟ තියේවි. එතකොට මට පුළුවන් හිතුන වෙලාවට දුවගන ඔයාලඟට ඇවිත් වැස්සේ තෙමිලා උණුසුම් වෙන්න. ඔයාට තුරුල්වෙලා ඒ වැස්සේ දියබත් වෙන්න. ආදරය හිමිහිට අමතකවෙලා යනකොට වැස්සට තෙමිලා ආදරය අලුත්කරගන්න. වළාකුළක් වෙනවද? හා ද?'

හා පැටියෝ....
'හාත්පස සීතල
දුරැර දැවටෙන 
නුඹේ වදන්වල
උණුසුම!!'

-මොණරි-

1 comment:

  1. //ආදරය කරන අයට වැස්ස කියන්නෙම ආදර සීතලට ගිනි තපින්න හදපු ගිනිමැලයක් වගේ..//

    ඇත්තෙන්ම ඔව්

    ReplyDelete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...