Saturday, 1 April 2017

අපි දෙන්නයි කතා ගොඩයි - 05



මනුස්ස ජීවිතේ හරි පුදුමයි වෙලාවකට. මිනිසුන් හමුවෙනවා, මග ඇරෙනවා,එපා වෙනවා.. වෙනස් වෙයි කියලා දැන දැනම කැමැත්තක් හිතෙනවා. අනේ මන්දා, ඒත් අපි දෙන්නා...මාරයි...ඒක තමයි ඇත්ත​..

'ඇයි දවස් ගාණක් කතා නොකර හිටියේ....?

'ඔව්...ඒත් හිතේ තවම ඔයා...හිටපු තැනම​..ඒක වෙනස් වෙලා නෑ...'

'හ්ම්ම්ම්ම්ම්....මම අහන්නේ නෑ..ඒක කවදා හරි වෙනස් වෙයිද කියලවත්...'

'මම හරි ඊරිසියයි ඉතින්....'

'ඒ ඇයි?'

'නෑ ඉතින් දන්නේ නැද්ද​..මගේ කියලා හිතෙන්න හිතෙන්න ඊරිසියාව වැඩියි..ඒ ඉතින් ආදරේ හැටිලූ....'

'හ්ම්ම්ම්ම්ම්...මම කැමතිත් ඒ ඊරිසියාවට තමයි....'

'හා....'

හැමදාම මෙහෙම දවසින් දවස ආදරය යාවත්කාලීන වෙනවා,අලුත් ගහක කොළ දලු ලන්න වගේ ආදරය අලුත් වෙනවා.ආදරෙයි ආදරෙයි කියලා කියාගන්නේ නැතිවම ආදරය නැවුම් වෙනවා.ඒක මේ විදියේ මේ වගේ කියලා කියාගන්න බැරි වුණාට දරාගන්න බැරි තරමට හිත නිල් වෙනවා..

'නිල් වෙනවා....හිත​..?'

'ඔව්...'

'ඒ කොහොමද හිත නිල් වෙන්නේ.....?'

'මෙහෙමනේ හැමෝගෙම ආදරයෙන් පිරිලා රතුපාට වෙද්දි මගේ හිත ආදරෙයෙන් පිපිරෙන්න ළං වුණාම නිල් පාට වෙනවා..'

'ඒ කිව්වේ....?'

'කවුරු හරි අපිට රිදෙන්න පාරක් ගැහැව්වොතින් මොකද වෙන්නේ?..එතන නිල් පාට වෙනවා..අර අපි කතාවට කියන්නේ නිල් වෙන්න ගැහැව්වා කියලා....'

'එතකොට....?'

'සරළයි...ඔයා ව මගේ හිතට කා වැදිලනේ තියෙන්නේ...ඔයාගේ හිත මගේ හිතේ වේගෙන් ඇවිත් හැප්පිලා...එතකොට රිදුනේ නෑ..දැනුනා..සෑහෙන්න දැනුනා...ඉතින් හිත නිල් වුණා....මම ආසයි ඉතින් ඒ විදියට.....'

'ඔයා නම්.....! මේ ඔයාමයි නේද​? වෙනස් වෙන්නේ නෑනේ...ඔය විදියමයි නේද​?...'

'හ්ම්ම්ම්ම්ම්ම් ඔව් ළඟට ආවත් ඒ මම​..දුරින් හිටියත් ඒ මම....ඒ මම විතරමයි....'

පොඩි පොඩියට දුක හිතෙන දේවල් නොවෙනවම නෙවෙයි..ඒත් මිනිහෙක් සතුටින් ඉන්න ඕන කියන එක ඇතුළේ තියෙන්නේ ලොකු ලොකු හීන නෙවෙයි මම හිතන්නේ.මානසික නිදහස සහ තෘප්තියෙන් තමන් සෑහීමකට පත් වෙනවා නම් ඒ මිනිහා සතුටින් තමයි ජිවත් වෙන්නේ.ඒත් හුඟාක් අයගේ සතුට තියෙන්නේ ලොකු ලොකු දේවල් වල​..මේ වගේ පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙන්න එහෙමත් කියලා මිනිස්සුන්ට බෑ..

'හිම බලන්න යනවා කියන්නෙත් සතුටක් නේ.....?

'ඔව්නේ....ඔයා ඒක මතක තියාගෙනම ඉන්නවා නේද​?මගේ හීන ගැන​...?'

'මම කිව්වනේ මම එනකම් ඉන්න කියලා...මම එක්කරගෙන යනවා හිම බලන්න​....'

'අහන්න​....රෝජා ෆිල්ම් එක බලලා තියෙනවද​?'

'හ්ම්ම්ම්ම් ඔව් නැතුව​....මනීරත්නම්ගෙයි,ඒ ආර් රහුමාන් ගේ මියුසික් තියෙන ෆිල්ම් බලන්න මම ආසයි...මම බලලා තියෙනවා එක පාරක් තාත්තට ගෙනද් දුන්න වෙලේ....'

'හ්ම්ම්ම්ම්ම්ම්...ඒකේ රෝජාට අර කොල්ලා මුලින්ම හිම පෙන්වන්න එක්කන් යන සීන් එක මතකද​?...ඇස් දෙක වහගෙන ගිහින් හිම කන් දක් ළඟ නතර කරවන්නේ...එතන කෙල්ල නිකන් පිස්සෙක් වගේ හිමේ දඟලන්නේ...මටත් පිස්සු වගේ ඒක දැක්කම​.....'

'මට හිතාගන්න පුලුවන් දරුවෝ...තව ටිකක බලන් ඉන්න වෙනවා....'

'මම බලන් ඉන්නවා ඉතින්...තව පුලුවන්....එනවා කියලා දන්න නිසා මම බලාගෙන ඉන්නවා....'

'එන්නේ නෑ කියලා දැනුනොත් බලන් ඉන්නේ නැද්ද එතකොට?'

'නෑ.....'

'ඒ ඇයි?'

'ඔයා එනවාමයි කියලා දන්න නිසා...'

'පිස්සි...'

'දන්නවද දෙයක්....? ඔයා හිතයි මට පිස්සු කියලා...ඒත් ඒ පිස්සුව ඇතුලෙමයි මගේ ආදරෙථ් තියෙන්නේ,මගේ සතුට තියෙන්නෙත්....'

'මොකක්ද ඉතින්...?

'ආදරයට සීමාවක් මායිමක් නෑ...'

'එතකොට...?'

'එච්චරයි..සරළයි....'

'ඉක්මණට එන්න මම බලන් ඉන්නවා.....
හා ද​...?'

'හා පැටියෝ.......!'

මන්මත් කරන් පැහැ නෙක
එකට කැලතුණු දේදුනු
එකක් නොව දෙකක්ම!
පායලා අර ගගනත..

සිත් කඳුළු වැස්සේ
ලොව දකින රිවි හසරැල්
අතරමැද පෑයූ
දේදුනු සේයි නුඹ මට...

-මොණරි-

6 comments:

  1. 1st ඒක මගෙන්
    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. 1ස්ට් කමෙන්ට් එකට බොහෝම ස්තූතී.......සුමුදු

      Delete
  2. ඉස් ඉස්සෙල්ලම කියල කලු මොනරිගෙ පිටුවට ආවෙමි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතීයි ගොඩ වුණාට

      Delete
  3. ඒ කියන්නෙ මොනරි කලු වුනාට හිත නිල්පාටයි

    ReplyDelete
    Replies
    1. ආදරරේ තදින්ම හිත ඇවිත් වැදුනම හිත නිල් පාට වෙනා ඉතින්

      Delete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...