Saturday, 1 April 2017

අපි දෙන්නයි කතා ගොඩයි - 04


කාන්දමක් යකඩ කෑල්ලක් ළඟට ළං කලාම ඒකට ඇදිලා එන්නේ කාන්දමද යකඩ ද කියලා හොයාගන්න බැහැ. ඒත් ඒ දෙකම දැක්ක තැනදි ඇදිලා ඇවිත් ඇලෙනවා. ඒ විතරක් ද කාන්දමට වහන් කරලා හරි යකඩ වහන් කරලා හරි දෙක ළං කරලා බලන්න.දැනෙන දේ අනුව ඒ දෙන්නා ළං වෙනවා.

කාන්දම කෑලි කෑලි වලට කුඩු කරලා දැම්මත්,යකඩ කෑලි කෑලි වලට කුඩු කරලා දැම්මත් ඒක වෙනස් කරන්න බෑ..ඒක හරි පුදුමයි. යකඩ කියන්නේ ඕනම දෙයක් කුඩු පට්ටම් කරලා දාන්න පුලුවන් හයිය දෙයක් නේ. යකඩ මේ වගේ කාන්දම් වලට ආකර්ශණීය වෙන එක ගැන මට අමුතුවෙන් හිතෙන්න ගන්නේ මම ඔයාව දැක්ක තැනදි දුවලා ළඟටම වෙලා ඇලිලා ඉන්න දඟලන හැටියට.දැක්ක තැන මම ඔයා ළඟට හොයාගෙන හොයාගෙන ඇවිත් ඔයා වටේ කැරකී කැරකී ඉන්නවා.....

එහෙම තමයි මේ ආදරය​. මිනිස්සු ආදරය කියන්නේ එකම දෙයක් වුණාට ඒක මිනිස්සුන්ට දැනෙන විදිය අනුව වෙනස් වෙනවනේ..මට හැමදාම ඕන කළේ මම ආදරය කරන කෙනා මට ආදරය කරනවට වඩා දශමයක්වත් වැඩියෙන් ආදරේ කරන්න​. ඒක නිසා මට ඕන වුණේ නිතරම හිත ආදරෙන් පුරවගෙන ඉන්න​.හැබැයි පුරවගෙනම හිටියට වැඩක් නෑ , එතකොට මොකද දන්නවද වෙන්නේ, ඒ පුරවන් ඉන්න ආදරේ පල් වෙනවා..මට ඕනා පුරවගත්තු ආදරෙන් එයාට දරාගන්න බැරි තරමටම ආදරේ කරන්න තත්පරෙන් තත්පරේ..මොහොතින් මොහොත හැමදාටම​..එතකොට තමයි තවත් තවත් හිත ඇතුලෙන් ආදරේ උනන්න පටන් ගන්නේ..මට ඕන ආදරේ පල් වෙන ළිඳක් වගේ වෙන්න නෙවෙයි,ඒක දිය උලපතක් කරගන්න​.මගේ ආදරෙන් ඔයාව පුරවන්න​....

'හම්මෝ ඔයා නම්, ඇයි ඔහොම්මම​...?'

'ඒක තමයි මට හිතාගන්න බැරි...'

'මොනවද​?'

'කොහොමද මෙච්චර ආදරයක් දෙන්න මගේ ළඟ ආදරේ තිබුණේ කියන්න​...'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්...ඒක මට දරාගන්න බෑ සමහර වෙලාවට...'

'මටත් එහෙමයි...හිත හොයන්නෙම ඔයාව​...එක තත්පරයක් නෑ මගෙන් අතෑරිලා ගිය ඔයා ගැන මතක් නොවී...'

'හ්ම්ම්ම්ම්ම්ම්....'

'අහන්න..'

'කියන්න​...?'

'දන්නවද හැමෝගෙම ඇඟ ඇතුළේ ඉන්නවා යක්කු,දෙවියෝ,සුරංගනාවියෝ.දේව දූතයෝ....'

'එතකොට?'

'ඉතින් ඒ අයව හරි විදියට අඳුනගෙන ඒ අයගෙන් ඔයා කැමති කෙනාව මතු කරන්න පුලුවන්...,

'ඒ කොහොමද​?'

'මෙහෙමයි ඔයා කැමති යකෙක් වගේ ඉන්න ගමන් දේවදූතයෙක්ට ආදරේ කරන්න නම් ඒක කරන්න වෙන්නෙත් ආදරෙන් ම තමයි..මිනිස්සුන් ගේ ජිවිත වල අපි දකින්නේ නැති හුඟක් දේවල් අපිට ඉස්මතු කරගන්න පුලුවන් වෙන්නේ මේ ආදරයෙන්ම විතරයි.'

'ආයේ මහාප්‍රාණ කියවනවා ඉතින්...ඒත් ඉතින් ඔයා මහාප්‍රාණ කියවද්දි මට දැනෙන්නම මම මහා පොඩි එකෙක් කියලා..'

'එහෙම තමයි..කවුරු කොහොම දාර්ශනිකව මහාප්‍රාණ ලිව්වට ආදරේදි අපි ඔක්කොම පොඩි උන් වගේ තමයි....'

'කෝළම​....!'

'ඔව් ඔව් ඉතින් මම ඔයාගේ කෝළම් හුරතලී නේ....'

'අහන්න​....'

'හ්ම්ම්ම්ම්ම්ම්.....'

'ඔහොම කෝළම් කර කර ඉඳලා මාව දාලා අතුරුදහන් වෙන්නේ නෑ නේද​?'

'කවදාවත් නෑ,මම කිව්වනේ මම ඉතින් කාන් දම වගේ තමයි ඇලුනොත් ඇලුනම තමයි,මම ගැළවෙන්නෙත් නෑ,ඔයාට ගැළවෙන්නත් බෑ කවුරු හරි ඇවිත් අයින් කළත් ඇරෙන්න​....

දෙයක් කියන්නම්.....

කවදා හරි යන්න ඕන නම් කියලා යන්න​,මම කවදාවත් කියන්නේ නෑ එපා කියලා...හැබැයි කියන්නේ නැතුව ගියොත් නම් මම හොයාගෙන පස්සෙන් එනවා....'

'ඒ ඇයි?'

'ගියේ ඇයි කියලා අහන්න...'

'එහෙම වෙන්නේ නෑ කියලා පොරොන්දු වෙන්නේ නෑ. ඔයා දන්නවා මාව..

ඒත් දරුවෝ සමහර තැන් එයි ඔයා හිතනවටත් වඩා බලාගෙන ඉන්න වෙන..හිතනවටත් වඩා ඉවසගෙන ඉන්න වෙන...

එහෙම වුණා කියලා හිත් වල තියෙන ආදරේ පොඩ්ඩක්වත් අඩුවක් වෙන්නේ නෑ...

තේරුණාද ...?'

'හ්ම්ම්ම්ම්ම්..ඔව් තේරුණා.....

මම බලන් ඉන්නවා...තවමත් බලන් ඉන්නවා ඔයා ඉන්න කියපු තැනම තවමත් ඉන්නවා..'

'අහන්න සරලවම දෙයක් කියන්නම්.....'

'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.........'

'ඔයා මාරයි.....ඇත්තටම මාරයි...ඒකේ ඇතුලේ හැමදේම තියෙනවා...'

ආදරේ කියන්නේ මේ විදියේ දරාගන්න බැරි තරමේ දෙයක් ද....?

ආදරේ කියන්නේ මෙහෙමයි අරහෙමයි මෙච්චරයි කියලා කියන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලා දන්නවා..හැබැයි මහප්‍රාණ නැතුව සරළවම කියනවා නම්....'මම හරි ආදරෙයි ' කියනකොටත් මුළු ගතම හිරිවැටිලා හිත මොකක්දෝ අමුතුම හැඟිමකින් දරාගන්න බැරි තරමට බර වෙනවා නම්...ඒ තමයි මට දැනෙන දේ.....ඔයාට දැනෙන දේ.....ආදරය කරද්දි කාන්දමක් වගේ තමා ඉතින් ගැලවිල්ලක් නම් නෑ......

නුඹ...
එළියක්ව
නතරවන තුරු මා ළඟ

මා රටාවක් බව
නොදැන සිටියෙමි
මමම...

-මොණරි-

No comments:

Post a Comment

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...