Friday, 16 September 2016

ගෑණු කවි... පිරිමි කවි...

එය ගෑණු කවියක් ද... ?
පිරිමි කවියක් ද.. ?
සොයා යනු කුමට ද?

කවියක් යැයි...
නමක් දෙනු කුමට ද?

ජලය බොන්නන් එමටය
ගැහැණු ද 
පිරිමි ද
නරුමයින් ද 
විලාසිනියන් ද...

අකුරු උපදින්නේ 
කවියක්
විලස නොවය...
අපි එයට කවියක් නොකියමු...!

එය හැඟුම් පිටකරන
අපූරුතම වාන් දොරක් ය...

-කලු මොණරි-

2 comments:

  1. මොනරතැන්නට ගොඩවැදුනේ අදයි. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ///එය හැඟුම් පිටකරන
    අපූරුතම වාන් දොරක් ය...///

    හරියටම හරි කලු මොණරි....

    ReplyDelete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...