Tuesday, 26 July 2016

ප්‍රේමයක් කියන්නේ

ප්‍රේමයක් කියන්නේ
අලුත් පිටුවක
අකුරු මතු වෙන එකට

පොහොට්ටු වුනු
මල් පොකුරක
පෙති දිග හැරෙන එකට

අත් ඇඟිලි පටලන්
රෑ අහසට දෙනෙත් යොමා
කවි ලියන එකට

කඩන් වැටෙන තරුවකින්
ගිණි පුපුරු
විසිරෙද්දි
බලාපොරොත්තු
රැස් කරන එකට

-කලු මොණරි-


1 comment:

  1. ප්‍රේමය කියන්නෙ කවර ඇති..නැති..අකුරු කැත,ලස්සන...වදන් සරල,ගැඹුරු..පිටු අලුත්,පරණ,ඉරුණු ..ඒත් පොතකට කෑදර වීම...
    ඒ මලේ පෙති ඇද්ද නැද්ද.. මලක් ද පොහොට්ටුවක්ද.. සුවඳ ඇද්ද නැද්ද නොබලා ඊට කෑදර වීම

    ReplyDelete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...