Friday, 6 May 2016

කවිය

කවිය ජලය වැනිය,
ගුණය..,
විටෙක රසයක් නැති වූවද
ආත්මීය පිපාසයට
කදිම වූ පානයකි
කවිය...........
කවිය සුළඟ වැනිය...
සිසිලසය..,
විටෙක උණුසුම් වූවද
සීතල වුණු හැඟුමට
කදිම වූ සැපතක්මය
කවිය.........
ජලයට 
සුළඟට හැඩයක් නැතිය..
ජලය නිදහසේ ගලා ගෙන යන අතර
සුළඟ හිතුමතේ හමා යන්නේමය....
කවියක් වූ කලීද එසේමය.....
-කලු මොණරි-

1 comment:

  1. ගලා හැලෙන හැඩය මවන අපුරු දිය ඇල්ලකි..

    ReplyDelete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...