Monday, 29 February 2016

පොඩි උන්ගෙ ලොකු වැඩ

'රටේ ලෝකයේ සිද්ධ වෙන දේවල් දිහා බලන් ඉදලා මොකාක් හරි කතාවක් ලියලා..එහෙමත් නැත්නම් ලියපු එකක් කියවලා මේ බුකියේ උඩටයි යටටයි යන මට මේ අකුරු ටික බුකියේ බිත්තියේ කෙටුවේ නැත්නම් මහා අඩුවක් දෝ මන්දා කියලා මට දැනුනා...රටේ දේශපාලනයට මොන විදියකින් කණ කොකා හැඬලුවත් මිනිස්සු දෙපැත්තකට බෙදිලා මරාගන්න වෙලාවක රටේ එකමුතු කම සහයෝගය මතුකර පෙන්වන දේ තමයි ක්‍රීඩාව කියන්නේ... ඉවසීම සහ පරාජය දරාගැනීම සතුටේදි නිහතමානී වීම සහ අනේකාගේ ජයේදි ශක්තිමත් වීම එකී මෙකී නොකී සියල්ල අපිට ක්‍රීඩාවේදි පුරුදු පුහුණු කරනවා. හොඳ දේ අපි ඇති සැටියෙන් දකින්නත් නරක දේ අපි ඉදිරියේම  මතුකර පෙන්වන්නත් අපි කොයිම මොහොතකවත් මැළි වෙන්න අවශ්‍ය නෑ...
හැම පැත්තක්ම කඩාගෙන වැටෙනකොට අපිට සතුටු වෙන්න එක පැත්තක් හරි ඉබේටම ලැබෙනවා... 
මේ දවස් වල මිනිස්සු වැඩිපුරම කතා කරන්නේ... 
දයාසිරි මහත්තයාගේ ප්‍රායෝගික දේශපාලනය සහ අපේ ක්‍රිකට් ටීම් එකේ ගින්දර වගේ ඉන්න කොල්ලෝ ටික ගැනයි...
දයාසිරි  ප්‍රායෝගික දේශපාලනයට කදිම උදාහරණයක්. පුටුව රත් කර කර ඉන්න දේශපාලුවන්ට හොඳම කණේ පහරක්.. රත් වෙන පිට්ටනියට අඩිය තබා අපේ කෙල්ලො කොල්ලෝ ටිකව දිරිමත් කෙරූ අව්‍යාජ නායකයෙක්...
කෙසේ හෝ වේවා මේ කතා කරන්නේ ඊටත් වඩා මට පෞද්ගලිකව ආඩම්බරයක් සහ රටම ආඩම්බර වෙන චරිතයක් ගැනයි...
ඒ දයාසිරි නොවෙයි.. 
දසුන් ශානක...
ක්‍රිකට් කියන්නේ මැරීගෙන බලන ක්‍රීඩාවක් බවත් කියන්නටම ඕනා කාරණාවක්, දසුන් යනු එහිදි අමතක නොකළම හැකි ක්‍රීඩකයෙක් වී හමාරයි.
ඉස්සර අපි පිට්ටනියේ ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් කරනකොට, හැමදාම ලොකු බෑග් එකක් දාගෙන අර පල්ලියේ වත්තේ පොඩි පිට්ටිනියට සුදු කිට් එකක් මරලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන දසුන් මල්ලි මේච්චර දෙයක් කරන්න පුලුවන් එකෙක් කියලා දැනගෙන හිටියේම නෑ...
නිතරම සිරියාවන්ත හිනාවකින් මුලු මූණම එළිය කරගත්ත දසුන් කියන නිහඬ චරිතය පට්ටම වැඩකාරයෙක් කියලා දැනගත්තේ මේ අද ඊයේ...
දවසක් මම පෞද්ගලිකව දසුන් ගෙන් ඇහැව්වේ එකම දෙයයි 
'ඇයි මල්ලි තවම ටීම් එකට සෙල්ලම් කරන්නේ නැත්තේ' කියලා...
එතකොට ඔහු මට දුන්න උත්තරේ නම් 'තව මදි අක්කා.තව ප්‍රෆෝමන්ස් පෙන්වන්න ඕනා ' කියායි.
ඔව් මල්ලි අපි දැන් උඹේ ප්‍රෆෝමන්ස් ඕනාවත් වඩා දකිනවා. 
ගිය සතියේ කොටුවේදි ගත්ත පත්තරයක මුල්ම පිටුවේ ඉන්නවා දැක්කම තවත් ආඩම්බර හිතුනා කොල්ලෝ..
උඹ අපේ ස්කෝලේ හිටිය අපේ එකෙක් නේ කියලා දැනෙනකොට පට්ට ආඩම්බරයක් දැනෙනවා...
මුරලිගෙන් පස්සේ මගේ ක්‍රිකට් ජිවිතයේ මම ප්‍රිය කරපු ක්‍රීඩකයින් දෙන්නයි ඒ මහේලයි සංගයි විතරයි..දැන් දසුන් !
ඒ අපේ එකෙක් නිසාම නෙවේ...
සද්ද නැතුව ගේම දෙන නිසා...
මම මුලින් කියපු දෙදෙනාම සද්ද නැතිව වැඩේ දෙන වැඩ්ඩන් දෙන්නෙක්...
මේ තැනට එන්න අත දෙන්න ගොඩාක් අය හිටියේ නැති වෙන්න පුලුවන්...
උඹට ගරහපු අත් වලින් අත්පුඩි ගහන ඕන තරම් මිනිස්සු ඉන්න පුලුවන්... 
ඒත් මල්ලි උඹ උන් එක්ක හිනා වෙලා යන ගමන යන්න ඕනා...
අපිට දැන් පුලුවන් පුටුවේ වාඩිවෙලා හයියෙන් කෑගහලා අත්පුඩි ගහලා ඔයාව ශක්තිමත් කරන්න...
මේ පොඩියට හිටිය දසුන් මෙච්චර ලොකු මිනිහෙක් වෙලා ද කියන එකත් වෙලාවකට මැච් බලද්දි මට අනේක වාරයක් හිතුනා......
මීට වඩා කියන්න බෑ දසුවෝ...

උඹට ජයෙන් ජය....!

-කලු මොණරි-



No comments:

Post a Comment

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...