Monday, 29 February 2016

අරගලය වෙනමම තියෙනවා

අරගලය වෙනමම තියෙනවා
මිනිස්සු වෙනමම ඉන්නවා..
බොහෝ කාලයක් තිස්සේ හෝ ගානා පොකුණ සිනමා පටය නරඹන්නට සිත් වූවද ඊට වෙන් කර ගත හැකි කාලයක් මා සතු නොවීය...නමුත් අවසානයේදී ඊයේ මම එය නැරඹුෙවෙමි. ප්‍රථමයෙන් සඳහන් කළ යුතු දෙයක් ඇත..එනම් මම චිත්‍රපටි විචාරකයෙකුවත්,සියල්ල දත් පණ්ඩිතයෙකුවත් නොවන්නෙමි. අවසන් වරට සිනමා පටයක් පිළිබඳව මා මෙලෙස මූහුණු පොතේ අකුරු කෙරුවේ 'බොරදිය පොකුණ' ගැනය.මේ සටහන තබන මොහොත වනවිට බොහෝ දෙනෙකු මේ සිනමා පටය නරඹා ඇති බව විස්වාස කරමි.....
කුඩා කල පටන්ම අප දකින එක එක හීනයන් ඇත..සමහරු කාලයත් සමඟ ඒ හීන ඉටු කරගනිති..තවත් සමහරු ඒ හීන මඟහැර ගනිති....තවත් සමහරුන්ට ඒ හීන වලට යන්නට බාධක පැමිනෙයි..කෙසේ හෝ වේවා,
සුපර් මෑන්ලා , ස්පයිඩර් මෑන් ලා බෙන් ටෙන් ලා රජ කරන සින්තටික් ළමා ලෝකයට හෝ ගානා පොකුණ අපූරුතම ආදර්ශයක් බව කිව යුතුමය..
උක්කුන් ලා හිච්ව්හිලා අදටත් අප අතර සිටින මුත් ඔවුන්‍ ඔවුන්ගේ හීන සමඟ මොන ආකාරයෙන් සටන් කරනවාද යන්න ගැටළුවකි...මෙම කතාවේ සමහර සිදුවීම් යථාර්තවාදී නොවුනත් එය නරඹන්නන්ට හීන ලෝකයක් බව හැඟවෙන්නේ නැත..එලෙසම කතාවේ සිදුවීම එකකට එකක් වෙනස් ය.නාගරික පටිසරයක හැදි වැඩෙන නිර්භීත එඩිතර තරුණියකට පිටිසර ගම් පළාතකට ගුරු පත්වීමක් ලැබෙන අතර ඉන් පසුව පෙන්වන්නේ පියානෝවක් රැගෙන එන මහත්මයෙකි..මුලින් මා සිතුවේ ගුරුවරිය පියනෝවත් සමඟ පාසලට එනවා යැයි කියාය..නමුත් සිදුවන්නේ වෙනමම දෙයක්ය. මට සිතුනේ පියානෝව මේ සිනමා පටයේ කතා වස්තුව වේවි කියාය. ඒ ලොකු සර් පියානෝව ලොකු පෙට්ටියක් බවත් එහි මකරෙකු සිටින බවත් කියා පොඩි උන්ව තැති ගන්වා කුතුහලයට පත් කළ නිසාය.ඉන් පසුව එහි ඇත්තේ කුමක් දැයි සෙවීමට උක්කුන් ඇතුළු පිරිස මෙහෙයුමක් සැලසුම් කරතැයි කියාය..නමුත් සිදු වන්නේ වෙනස්ම දෙයකි..ඉන්දික ප්‍රනාන්දු නම් අධ්‍යක්ෂකවරයා ඉතා සූක්ෂම ලෙස කතාවේ සිද්දීන් එකකට එකක් පරස්පර ලෙසින් හරවත්ව ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්නට සමත් වෙයි.
උමා නම් වීර ගුරුතුමිය සමඟ මුහුද බලන්නට යන අරගලය ජය ගන්නට මේ ළමුන් කරන්නා වු අරගලයෙන් කියවෙන්නේ අරගලයට වසස් සීමාවක් පංති භේදයක් තරාතිරමක් උවමනා නැති බවය.මුහුදු වෙරළෙන් පටන් ගත් කතාව අතර මඟ මුහුදු වෙරළක හඬක්වත් නොඇසෙන්නට අධ්‍යක්ෂකවරයා වග බලා ගන්නේ කතාවේ ළමුන් සතු හීනය ප්‍රේක්ෂක අපගෙත් හීනය බවට පත් කරමිනි.මුහුදු දැක මුහුදු පරිසරයකම හැදි වැඩුණ මට මුහුදෙහි ඇති අගය වටිනාකම සුන්දරත්වය තදින්ම හිත තුළට කා වැදිනි.
කෙසේ නමුත් සඳහන් කලැ යුතු තවත් බොහෝ දේ ඇත,ජස්ටින් නම් බේබදු රියදුරා මේ චාරිකාවට එකතු වූයේ නම් අවසාන කොටස මෙලෙස සංවේදී නොවන්නට පුලුවන.එම නිසා අධ්‍යක්ෂකවරයා ගුරුතුමියව රියදුරු අසුනේ වාඩි කරවීමට ගත් තීරණය සාර්ථකය.
අවසාන වශයෙන් සටහන් කළ යුතු දෙයක් ඇත.අපට ජිවිතයේ අප සමඟම අරගල ඇත.,අපේ හීන සමඟ අරගල ඇත. අරගලයක් යනු කුමක්දැයි නොදන්නා මිනිසුන් මෙන්ම ඔවුන් ඒ කරන්නේ තමන්ගේ ජිවිතය සමඟ අරගලයක් යැයි හරි හැටි වටහා නොගෙන පොළොවට පස් වෙන මිනිස්සු ද බොහෝ සිටිති.
ටයිටස් තොටවත්ත 'හඳයා'සමඟ ඉහළට ඔසවා තැබු ලංකා ළමා සිනමා කර්මාන්තයේ දෙවැනි පිම්ම, හෝ ගානා පොකුණ ය. රැල්ලට මෙවැනි සිනමා පට නිර්මාණය කර නැවතත් ළමුන්‍ ගේ හීනවලට මිළයක් නොදෙන්නට වග බලා ගන්නා ලෙස සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමි.

-කලු මොණරි-


පොඩි උන්ගෙ ලොකු වැඩ

'රටේ ලෝකයේ සිද්ධ වෙන දේවල් දිහා බලන් ඉදලා මොකාක් හරි කතාවක් ලියලා..එහෙමත් නැත්නම් ලියපු එකක් කියවලා මේ බුකියේ උඩටයි යටටයි යන මට මේ අකුරු ටික බුකියේ බිත්තියේ කෙටුවේ නැත්නම් මහා අඩුවක් දෝ මන්දා කියලා මට දැනුනා...රටේ දේශපාලනයට මොන විදියකින් කණ කොකා හැඬලුවත් මිනිස්සු දෙපැත්තකට බෙදිලා මරාගන්න වෙලාවක රටේ එකමුතු කම සහයෝගය මතුකර පෙන්වන දේ තමයි ක්‍රීඩාව කියන්නේ... ඉවසීම සහ පරාජය දරාගැනීම සතුටේදි නිහතමානී වීම සහ අනේකාගේ ජයේදි ශක්තිමත් වීම එකී මෙකී නොකී සියල්ල අපිට ක්‍රීඩාවේදි පුරුදු පුහුණු කරනවා. හොඳ දේ අපි ඇති සැටියෙන් දකින්නත් නරක දේ අපි ඉදිරියේම  මතුකර පෙන්වන්නත් අපි කොයිම මොහොතකවත් මැළි වෙන්න අවශ්‍ය නෑ...
හැම පැත්තක්ම කඩාගෙන වැටෙනකොට අපිට සතුටු වෙන්න එක පැත්තක් හරි ඉබේටම ලැබෙනවා... 
මේ දවස් වල මිනිස්සු වැඩිපුරම කතා කරන්නේ... 
දයාසිරි මහත්තයාගේ ප්‍රායෝගික දේශපාලනය සහ අපේ ක්‍රිකට් ටීම් එකේ ගින්දර වගේ ඉන්න කොල්ලෝ ටික ගැනයි...
දයාසිරි  ප්‍රායෝගික දේශපාලනයට කදිම උදාහරණයක්. පුටුව රත් කර කර ඉන්න දේශපාලුවන්ට හොඳම කණේ පහරක්.. රත් වෙන පිට්ටනියට අඩිය තබා අපේ කෙල්ලො කොල්ලෝ ටිකව දිරිමත් කෙරූ අව්‍යාජ නායකයෙක්...
කෙසේ හෝ වේවා මේ කතා කරන්නේ ඊටත් වඩා මට පෞද්ගලිකව ආඩම්බරයක් සහ රටම ආඩම්බර වෙන චරිතයක් ගැනයි...
ඒ දයාසිරි නොවෙයි.. 
දසුන් ශානක...
ක්‍රිකට් කියන්නේ මැරීගෙන බලන ක්‍රීඩාවක් බවත් කියන්නටම ඕනා කාරණාවක්, දසුන් යනු එහිදි අමතක නොකළම හැකි ක්‍රීඩකයෙක් වී හමාරයි.
ඉස්සර අපි පිට්ටනියේ ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් කරනකොට, හැමදාම ලොකු බෑග් එකක් දාගෙන අර පල්ලියේ වත්තේ පොඩි පිට්ටිනියට සුදු කිට් එකක් මරලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන දසුන් මල්ලි මේච්චර දෙයක් කරන්න පුලුවන් එකෙක් කියලා දැනගෙන හිටියේම නෑ...
නිතරම සිරියාවන්ත හිනාවකින් මුලු මූණම එළිය කරගත්ත දසුන් කියන නිහඬ චරිතය පට්ටම වැඩකාරයෙක් කියලා දැනගත්තේ මේ අද ඊයේ...
දවසක් මම පෞද්ගලිකව දසුන් ගෙන් ඇහැව්වේ එකම දෙයයි 
'ඇයි මල්ලි තවම ටීම් එකට සෙල්ලම් කරන්නේ නැත්තේ' කියලා...
එතකොට ඔහු මට දුන්න උත්තරේ නම් 'තව මදි අක්කා.තව ප්‍රෆෝමන්ස් පෙන්වන්න ඕනා ' කියායි.
ඔව් මල්ලි අපි දැන් උඹේ ප්‍රෆෝමන්ස් ඕනාවත් වඩා දකිනවා. 
ගිය සතියේ කොටුවේදි ගත්ත පත්තරයක මුල්ම පිටුවේ ඉන්නවා දැක්කම තවත් ආඩම්බර හිතුනා කොල්ලෝ..
උඹ අපේ ස්කෝලේ හිටිය අපේ එකෙක් නේ කියලා දැනෙනකොට පට්ට ආඩම්බරයක් දැනෙනවා...
මුරලිගෙන් පස්සේ මගේ ක්‍රිකට් ජිවිතයේ මම ප්‍රිය කරපු ක්‍රීඩකයින් දෙන්නයි ඒ මහේලයි සංගයි විතරයි..දැන් දසුන් !
ඒ අපේ එකෙක් නිසාම නෙවේ...
සද්ද නැතුව ගේම දෙන නිසා...
මම මුලින් කියපු දෙදෙනාම සද්ද නැතිව වැඩේ දෙන වැඩ්ඩන් දෙන්නෙක්...
මේ තැනට එන්න අත දෙන්න ගොඩාක් අය හිටියේ නැති වෙන්න පුලුවන්...
උඹට ගරහපු අත් වලින් අත්පුඩි ගහන ඕන තරම් මිනිස්සු ඉන්න පුලුවන්... 
ඒත් මල්ලි උඹ උන් එක්ක හිනා වෙලා යන ගමන යන්න ඕනා...
අපිට දැන් පුලුවන් පුටුවේ වාඩිවෙලා හයියෙන් කෑගහලා අත්පුඩි ගහලා ඔයාව ශක්තිමත් කරන්න...
මේ පොඩියට හිටිය දසුන් මෙච්චර ලොකු මිනිහෙක් වෙලා ද කියන එකත් වෙලාවකට මැච් බලද්දි මට අනේක වාරයක් හිතුනා......
මීට වඩා කියන්න බෑ දසුවෝ...

උඹට ජයෙන් ජය....!

-කලු මොණරි-



ජිවිතයට ඉඩ දෙන්න...

එක පාරක් ශිෂ‍්‍යත්වය ෆේල් වුනොත් අපිට ආයේ ඒ විභාගය කරන්න ජිවිතේ අවස්තාවක් දෙන්නේ නෑ...
හැබැයි ඊට පස්සේ අපි ඕ-ලෙවල් ලියනවා, ඒකත් ස්කෝලෙන් කරන්න වෙන්නේ දෙපාරක් විතරයි....
ඒ ලෙවලුත් එහෙමයි... ඒත් අපිට න්‍යායෙන් පිට ඕන තරම් වාරයක් විභාග වලට වාඩි වෙලා ලියන්න පුලුවන්, වෙලාවට තවමත් අපේ රටේ උපාධිය තියෙන මිනිහගෙන් අහන්නේ නෑ, 'මේ කීවෙනි පාර ලියලද පාස් වුනේ' කියලා...
උපාධියක් තියෙනවා නම් මිනිහගේ අනාගතය ශුවර්...
අපි ආදරේ කරන මිනිස්සු අපිට දෙන්නේ අවස්ථා දෙකක් තුනක් වෙන්න පුලුවන්. ඊට පස්සේ ඒ අය අපේ ජිවිතේට ආයේ කවදාවත් නොඑන්න පුලුවන්. එහෙමත් කෙනෙක් තමයි අපි ගැන හිතලා අපි එක්කම ජිවිතේ දිනන්න ළඟින් ඉන්නේ... 
ඒත් ඒ කවුරුත් ගියා කියලා ජිවිතේ අපිට නැති වෙන්නෙත් නෑ, එතනින් නතර වෙන්නෙත් නෑ.
අම්මා තාත්තා අපිට ඕනා තරම් අවස්තා දීලා තියෙන්න පුලුවන්, ඒත් අපිට ඒ අවස්ථා වලින් හරි හැටී ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන්නත් පුලුවන්, එයාලා ළඟ අවස්ථා නැති කොට ඊළඟට හිතන්න ඕනා ඊළඟ අවස්ථාව ගැන....
සමහර වෙලාවට මේ තමයි හොඳම වෙලාව කියලා හිතලා අපි කසාද බඳිනවා කියමුකෝ...
මොකක් හරි හේතුවක් නිසා කසාදය දික්කසාදයකින් ඉවර වෙන තැනට ආවම මිනිස්සු කියන්නේ
 'පව් අසරණීගේ ජිවිතය නිකන්ම කාළකණ්නි වෙලා ගියා නේ... දැන් ඉතින් ජිවිතේ වැරදිලා ඉවරයි'...
ඔන්න ඔහොම රහට කට උල් කරලා හොඳට හරි නරකට හරි කියන්න ඕන තරම් කට්ටීය ඉන්නවා....
ඒත් ජිවිතේ එතැනින් නතර වෙන්නේ කොහොමද කියන්න මම කියන්න දන්නේ නෑ.
මට හිතෙන්නේ අපිට කාලයක් ගිහිල්ලා හරි ආයෙමත් අවස්ථාව එනවා... ගේම් එක ප්ලේ කරන්න.
දිනනවා නම් එහෙමයි... පරදින එකත් අපේ අතෙයි... 
එහෙමත් නැත්නම් කාලය අරන් හෙමීට ගේම් එක ප්ලේ කරලා අරමුණට යනවා නම් ඒත් එහෙමයි...
හරියට කැන්ඩි ක්‍රශ් ගේම් එක වගේ...
අපිට කොච්චරක් නම් චාන්ස් දෙනව ද? 
බැරිම තැන ටිකක් වෙලා බලාගෙන ඉන්න වෙනවා අවස්ථාව එනකම්...
ජිවිතයේ අම්මා තාත්තා පටන් අනිත් හැම කෙනාම අපිට ඕනා තරම් අන්තිම අවස්ථා සිය සැරයක් වුණත් දෙන්න පුලුවන්...
ඒත් ජිවිතය කියන්නේ, මගේ ජිවිතය ඔයාගේ ජිවිතය කියන්නේ, සීමාවක් නැතිවම මැරෙනකන්ම අවස්ථා දෙන ගේම් එකක්...
මේවා කී දෙනෙක්ට මඟ හැරිලද, කී දෙනෙක් නැති කරගෙනද හරියටම දන්නේ නෑ...
ඒත් කලබල වෙන්න ඕන ද? 
නෑ....ජිවිතය නම් අරුත් බර වූ දෙය දෑත් දිග හැර බලන් ඉන්නේ අපිට අවස්ථාව දෙන්න...!

හරියටම මෙහෙම කියන්නම්,
ජිවිතය යනු බිඳ වැටිම් මත්තේ නැහෙන දෙයක් නෙවෙයි
ඊළඟ අවස්ථාව ගෙන
අනාගතය සැලසුම් කරන දෙයක්....
මේ මොහොතත් අපිට ලැබුනාවු කඳිම අවස්ථාවක්,
පොඩ්ඩක් හිතලා බලන්න.......
ජිවිතයට ඉඩ දෙන්න.................'

-කලු මොණරි-


ඔටාරා සහ බලු ප්‍රේමය

මිනිසා කියන්නේ මනසින් උසස් සත්වයෙක් කියන එකයි කියලා මම විතරක් නෙවෙයි හැමෝම දන්න දෙයක්, බොහෝ වෙලාවට මිනිසා සතා වී සතා මිනිසා වෙන තැන් නැතුවම නෙවෙයි, ඒත් හුඟ වෙලාවට මිනිස්සු අහලකවත් නැති මනු ගුණ බොහෝ සතුන් ළඟ තියෙන විත්තිය මම පෞද්ගලිකව පවා අත්විඳලා තියෙන දෙයක්..
ඒත් මම මේ කියන්න යන්නේ ටිකක් විතර වෙනස් දෙයක්, ඒ තමයි මේ ලෝකේ ජිවත් වෙන්නේ අපි විතරක්මයි කියලා හිතන් ඉන්න උදවියට නම් ටිකක් විතර රිදෙන දෙයක්, ඒත් කරන්න දෙයක් නම් නෑ ඔන්න..... 
අපි ජිවත් වෙන්නේ කොන්ක්‍රීට් වනන්තර වල, ඒක නිසාමද කියන්න දන්නේ නෑ අපේ හිතුත් කොන්ක්‍රීට් වගේ හයිය වෙලා තියෙන්නේ.....
හරි දැන් මම මාතෘකාවට ඒන්නම්...අපි කවුරුත් දන්න දෙයක් තමයි ඔටාරා කියන්නේ බල්ලන්ට අපිරිමිත සෙනෙහසක් දක්වන කෙනෙක් කියලා...
කෙනෙක් කියන්න පුලුවන් ඕවා තේරුමක් නැති වැඩ කියලා තවත් සමහරු කියන්න පුලුවන් ඕවා සෝබන වැඩ කියලා, සල්ලි වැඩි වෙලා කරන්න දෙයක් නැති කමට කරන දේවල් කියලා... 
මේ ඕන කතාවක් කියන්න පුලුවන් එහෙම කිව්වේ නැත්නම් තමයි පුදුමේ කියන්නේ...
ගොඩාක් දෙනා කියන පොදු කතාවක් තමයි සල්ලි කාර මිනිස්සුන්ට තමන් ගේ පව් වහගන්න ඔය වගේ දේවල් කරනවා කියලා.....
මේ එකී මෙකී නොකී කතා සියල්ල කෙසේ වෙතත් මේ බලු ප්‍රේමය ගැන අපි සුභවාදීව සිතන්නට පුරුදු වෙන්න ඕනා. කෙනෙක් තර්කයක් ගේන්න පුලුවන් අැයි මේ සල්ලි කන්න අඳින්න නැති මනුස්සයෙක්ට දෙන්න බැරි කියලා....
ඒක ඉතින් ඔටාරා ගෙන්ම තමා අහන්න වෙන්නේ. 
ඒ කොහොම වුණාත් නැති බැරි මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න මේ ලෝකේ ඕන තරම් මිනිස්සු ඉන්නවා...
මේ ලෝකය අයිති අපිට විතරක් නෙවෙයි...
සත්තුන්ටත් සමානව අයිතියක් තියෙනවා...
අද එයාලා ඉන්න තැන් අපි අක්‍රමණය කරලා තියෙන නිසා සමහර අවස්ථා වල සතුන් අපිව අක්‍රමණය කරනවා...
ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි....
ආයේ මාතෘකාවට එන්නම්... 
මිනිස්සුන් ගේ පංගුවත් අයිති කරගෙන බල ලෝභත්වයෙන් දගලන මිනිස්සු ඉන්න රටකට ඔටාරා කරන්නේ මහඟු සේවයක් කියලා පපුව ඉස්සරහට දාලා කියන්න පුලුවන්...!
මිනිස්සු ඒක කැමති විදියට භාර ගත්තදෙන්, අපිට වගේම හුස්ම ගන්න අයිතියක් සත්තුන් ටත් තියෙනවා කියලා මතක් කරලා දෙන එකම මදැයි?
ආදරවන්තයන් ගේ දවසේ මේ බලු ප්‍රේමයක් ගැන කතා කරන එක හරිද කියන්න දන්නේ නෑ, ඒත් ආදරය කියන්නේ මිනිස්සු මිනිස්සුන්ට, කොල්ලා කෙල්ලට දෙන දෙයක් විතරක්ම නෙවෙයි ගහ කොළ වලට පවා කරන්න ඕන දෙයක්.
දැන් ඉතින් එහෙමයි කියලා හැමෝම ඔටාරා වගේ බල්ලෝ තුරුලු කරගන්න යන්න ඕනේ නෑ. 
අතට අරන් හුරතල් කළේ නැති වුණාට කමක් නෑ ඒත් සංවේදී වෙන්න පුලුවන් නම් වටිනවා නේ?
ඒ නිසා ඔටාරාගේ පැටිකිරිය අපිට වැදගත් නෑ... අගය කරන්න කියන්නේ ඇය හදවතින්ම සතුන් වෙනුවෙන් යමක් කිරීමට ගන්නා උත්සාහයයි..
තමන් ගෙම බල්ල තරමටවත් වටින්නේ නැති දේශපාලුවෝ කන රටකට 'ඔටාරා' යනු ආදර්ශයක් බව අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ...
හිතන්න අද ඉදන්වත්...
ඔය අහල පහල ඉන්න බල්ලටවත් ටිකක් කරුණාවෙන් සළකලා බලන්නකෝ....
අැත්තමයි මිනිස්සුන්ට වඩා ගුණයක් තියෙනවා.............

-කලු මොණරි-


ටිකක් තේරුම් ගන්න බලනවා......

' හීන කියන්නේ බලසම්පන්න දෙයක්..
හීන වලට පුලුවන් මිනිහෙක්ව ජිවත් කරවන්න
ඒ වගේම තමයි ඒ හීන වලටම පුලුවන්
මිනිහෙක්ව නැති කරන්නත්....
අරමුණු කියන්නෙත් එහෙම දෙයක්....
විකාර ද අයිසේ....?
විකාර නෙවෙයි ඕයී...
මේක හඳ පෙන්න පෙන්න ළමයින්ට
බත් කවනවා වගේ දෙයක් නෙවෙයි...
ටිකක් තේරුම් ගන්න බලනවා.......'

-කලු මොණරි-

ජිවිතෙත් එහෙමයි .......

'ළමයෙක් පොඩි කාලේ වැටි වැටි ඇවිදනකොට 
ඒ ළමයට වැටී වැටී ඇවිදින්නම දෙන්නයි ඕනා..
වැටෙන්න වැටෙන්න ළමයා නැගිටිනවා...
වැටෙන්න වැටෙන්න ආයේ ළමයා හිට ගන්නවා
වැටෙන්න වැටෙන්න ඔව් වැටෙන්න වැටෙන්න...
මුලින්ම අඬනවා...අඬ අඬ හිටගන්නවා...
පස්සේ මූණ දිහා බලලා හිනා වෙලා හිටගන්නවා.
හැබැයි ළමයා වැටුණම,
හූ තියලා කෑගහලා උඩ පැනලා
වැටුණ එකාව නැගිට්ටවන්න යනවා නේද...?
මළාට ඌ නැගිටින්න්නේ නෑ........
ජිවිතෙත් එහෙමයි .......'

-කලු මොණරි-

තනියම හිට ගන්න


'සමහර වෙලාවට අපිට වැටෙන්න නොදී
අත අල්ලන් ඉන්න කෙනා 
අපේ අත එක තැනකදි අත අරිනවා. 
ඒ තනියම හිට ගන්න
නැතුව තනි කරන්නන හිතන් නෙවෙයි...'

-කලු මොණරි-


ජීවිතයට හිරු එළිය

කාලය ජීවිතයට සුන්දරත්වය ගේන්නේ
එකම විදිහට නෙවෙයි...
සමහර කාලවල 
ජීවිතය හිරු එළිය වැටිලා වගේ දීප්තිමත් වෙලා තියෙන්නේ..
එතකොට අපි හෙවනක් හොයනවා...
ඒ හොයන්නේ ජීවිතය තුළින්ම එන 
දරාගන්න බැරි රස්නෙට මුවා වෙන්න ඕන නිසයි,
එතකොට අපිට සිද්ධ වෙනවා...
අපේ හිත අැතුලෙන්ම හෙවනක් හොයාගන්න...
ඒ හෙවන හොයාගන්න දවස හෙට වෙන්නත් පුලුවන්...
මේ හෙවනට යට ඉදිද්දි 
ඔබ ළඟට ඒන කෙනා 
ජිවිතයේ සුන් දරම කාලය රැගෙන එන කෙනා වෙන්නත් පුලුවන්,
කරුණාවන්තම කෙනා වෙන්නත් පුලුවන්,
ජිවිතේ දුෂ්කරම කාලයකදි ඔබ ළඟට අැවිත් ඔබේ අත අල්ලත්ම,
ඔබට පේන්නේ ඉර එළිය නිසා බිමට වැටිලා තියෙන මගේ හෙවනැල්ලයි...
ඔබේ විකාර හදවතත් එක්ක ඔබ තර්ක කරනවා වෙන්නට පුලුවන් 
හෙට මෙතැන සිදු වන්නේද හොඳම දෙයයි...
ජිවිතය සතු සුන් දරත්වය කාලයෙන් කාලයට වෙනස් වෙනවා අැති.
එකක්...
පිච්චෙන තරමට හිරු එළිය තිබ්බත් 
සෙවන සාදා ගන්න වෙන්නේ තමන් ගේම හදවතින් බව...
ඒ දවස හෙට වෙන්නත් පුළුවන්...

-කලු මොණරි-



https://www.youtube.com/watch?v=g0eO74UmRBs

හීන

'හීන පේන්නේ නිකන් වුණාට
ඒවා හැබෑ කරගන්න නිදන් ඉදලා 

හරියන්නේ නෑ බ්‍රෝ.....'




ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...